නබිතුමාට අපහාස කළොත් මැරෙනකම් හිරේ

ආගමික කාරණා සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දඩුවම් වැඩි කිරීමේ අරමුණින් පසුගිය සතියේ සම්මත කරන ලද අපරාධ නීති සංශෝධනය පිළිබඳව පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම (HRCP) දැඩි කනස්සල්ල පළ කර තිබේ.
පසුගිය ජනවාරි 17 වන දින ජාතික සභාවේදී ඒකමතිකව සම්මත කරන ලද 2023 අපරාධ නීති (සංශෝධන) පනත පිළිබඳව තමන් බරපතල අප්‍රසාදයද පලකරන බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසා ඇත.
මෙම පනතේ ප්‍රකාශිත අරමුණ නිකායිකවාදය මැඩපැවැත්වීම වන අතර, එය පාකිස්ථානයේ පීඩාවට පත් වූ ආගමික සුළුතරයන්ට සහ සුළුතර නිකායන්ට හිංසා පීඩා උත්සන්න කිරීම බව කොමිසම පෙන්වාදී තිබේ.
182 Views
Comments