තුර්කියේ ඛේදවාචකයෙන් මියගිය ගණන තවත් ඉහළට

තුර්කි - සිරියා දේශසීමාවේ භූ කම්පනයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යමින් පවතී. සිරියාවෙන් වාර්තා වන නිල මරණ ගණන 3,500 ක් වන අතර තුර්කියේ සිදුවූ මරණ ගණන 24,500 ඉක්මවා ඇත. ඒ අනුව වාර්තා වන්නේ සමස්ථ මරණ සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇති බවයි. සිරියානු මරණ සංඛ්‍යා ලේඛන පසුගිය සිකුරාදායින් පසු යාවත්කාලීන වී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ප්‍රධාන භූකම්පන දෙකට පසු වාර්තා වූ පසු කම්පන සංඛ්‍යාව 1,500ට අධික බව නවතම වාර්තා කියා සිටී. මේ අතර ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ මුදාගැනීමේ කණ්ඩායම් ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුකරමින් සිය මෙහෙයුම්වලින් ඉවත්ව තිබේ. තුර්කියේ විපතට පත් හතායි කලාපය තුළ විවිධ කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී ඇති බව ට ඔවුහු චෝදනා නගති. ජර්මානු සහන කණ්ඩායම් වැඩිදුරටත් පවසන්නේ, ගැටුම් මර්දනය කළ පසු යළි සිය මුදාගැනිමේ මෙහෙයුම් ආරම්භ කරන බවයි.
හතායි සිදුවීම් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති එර්දොවාන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැතත්, සිදුවන ඕනෑම අපරාධයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කර තිබේ.
230 Views
Comments