තවත් හඳුනා නොගත් පියාසර වස්තුවකට ඇමරිකාව වෙඩි තබයි

තවත් හඳුනා නොගත් පියාසර වස්තුවක් අද ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙඩි තබා බිම හෙළා ඇත.
ඇමෙරිකානු ගුවන් සීමාවේ පාවූ චීන බැලුනයට වෙඩි තැබීමෙන් පසු වාර්තා වූ 4 වන සිද්ධිය මෙය බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හුරොන් විලට ඉහල අහසේදී ප්‍රහාරක ජෙට් යානා යොදවා මෙම හඳුනා නොගත් අටපට්ටම් හැඩැති පියාසර වස්තුව විනාශ කර ඇති බව වාර්තා වේ.
ගුවන් හමුදා ජෙනරාල් ග්ලෙන් වැන්හර්ක් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ චීන බැලුනයට අමතරව වෙඩි තබා විනාශ කළ අනෙකුත් සියලුම හඳුනානොගත් වස්තූන් පැමිණියේ කුමන ප්‍රදේශයේ සිට ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
215 Views
Comments