FEB
06
තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2300 දක්වා ඉහළට

සිරියානු දේශසීමාව ආසන්නයේ දකුණු දිග තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් සිරියාවේ හා තුර්කියේ මියගිය පිරිස 2,300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනය හේතුවෙන් තුර්කියෙන් මරණ 1,541ක් ද සිරියාවෙන් මරණ 810ක් ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කි වේලාවෙන් අද (06) උදෑසන 4.17ට පමණ සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයකින් යුක්තය.
220 Views
Comments