ලෝකය ගැන ඔත්තු බලන්න චීනයෙන් අලුත් ක්‍රම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

ලෝකය ගැන ඔත්තු බලන්න චීනයෙන් අලුත් ක්‍රම

ලෝකය ගැන ඔත්තු බලන්න චීනයෙන් අලුත් ක්‍රම

 

මෝටර් රථ, ස්මාර්ට් බල්බ, ක්‍රෙඩිට් කාඩ් සහ ගෘහ උපකරණවල සවි කර ඇති මයික්‍රොචිප් මගින් මිනිසුන් ගැන ඔත්තු බැලීමේ හැකියාව චීනයට පවතින බව වාර්තා අනාවරණය කරයි.

 

 

චීනය පිළිබඳ සිය පාර්ලිමේන්තුවට උපදෙස් ලබාදෙන එක්සත් ජනපද හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චාල්ස් පාර්ටන් විසින් බ්‍රිතාන්‍ය රජයට යවන ලද වාර්තාවකට අනුව, චීනයේ මෙම තාක්‍ෂණය බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට පුළුල් තර්ජනයක් එල්ල කරන බව පෙන්වාදී ඇත.

 

 

පාර්ටන් සිය රාජ්‍ය තාන්ත්‍රික දිවියේ වසර 22 ක් චීනය, තායිවානය සහ හොංකොං හි සේවය කර ඇති අතර, විදේශ කාර්යාලයට සහ යුරෝපා සංගමයට චීන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දී දෙමින්, චීනය පිළිබඳ පොදු විදේශ කටයුතු කමිටුවේ විශේෂ උපදේශක ලෙස ද කටයුතු කර තිබේ.

views

195 Views

Comments

arrow-up