ජපානය බරපතළ අනතුරක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

ජපානය බරපතළ අනතුරක

ජපානය බරපතළ අනතුරක

 

ජපාන සමාජයට තවදුරටත් සමාජයක් ලෙස ක්‍රියාත්මකවීමට අසීරු තත්ත්වයක් උදා වෙමින් ඇති බවට එරට අගමැති ෆුමියෝ කිෂිදා අනතුරු අඟවයි. 

 

ඔහු පවසන ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන්නේ ජපානයේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටෙමින් තිබීම නිසාය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා මේ මොහොතේ පියවර නොගතහොත් නැවත ඒ සඳහා අවස්ථාවක් නොලැබෙණු ඇති බවටද ඔහු අනතුරු අඟවයි. ජපානය තුළ උපත් සංඛ්‍යා අඩුවෙමින් තිබීම කාලයක සිටම විශාල ගැටලුවක් නිර්මාණය කරමින් තිබේ.

 

මේ නිසා වැඩ කරන වයසේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවෙමින් ඇත. ඔවුන්ගෙන් යැපෙන මහළු පුද්ගලයන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් තිබේ. මෙය සමාජයීය සහ ආර්ථික වශයෙන් ගැටලු ගණනාවකට තුඩු දෙන්නකි. එරට වියපත් පුද්ගලයන්ගේ ආයු කාලය වැඩි වෙමින් තිබීමද මෙම අර්බුදය උත්සන්න කිරීමට දායක වී ඇති තවත් සාධකයකි.

 

වයස අවුරුදු 65ට වැඩි අයගේ ප්‍රතිශතය අතින් ජපානය ලොව දෙවැනි තැන පසුවේ. එරට එම ප්‍රතිශතය සියයට 28කි. මෙම ලැයිස්තුවේ ජපානයට ඉහළින් සිටින්නේ කුඩා රාජ්‍යයක් වන මොනාකෝ පමණි. 2021 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව මොනාකෝහි එම ප්‍රතිශතය සියයට 35කට ආසන්න විය. එරට ජනගහනය 36,700ක් පමණි.

views

198 Views

Comments

arrow-up