කාන්තාවක් සිසුවියකගේ හිසට හත් වතාවක් පිහියෙන් ඇනලා

ආසියානු සිසුවියකට හත් වතාවක් පිහියෙන් ඇන තුවාල සිදු කිරීමේ සිද්ධියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
මෙම සිසුවියට පිහියෙන් ඇන තිබුණේ ඇය ආසියානුවකු වීම නිසාම බව සඳහන් වේ. බ්ලූමිංග්ටන් නැමැති ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුමට ලක්ව තිබුණේ ඇමරිකාවේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින 18 හැවිරිදි චීන ජාතික සිසුවියකි.
ඇයට පිහියෙන් ඇනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ 56 හැවිරිදි බිලී ඩේවිස් නැමැති සුදු ජාතික කාන්තාවකටය. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඇමරිකාව තුළ කළු ජාතිකයන්, ආසියානුවන් වැනි කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇති පසුබිමක් තුළය.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිට ඇත්තේ බස් රථයකය. සිසුවිය බස් රථයෙන් බැසීම සඳහා එහි දොර විවර වනතෙක් බලා සිටිය දී සැකකාරිය ඇයට පිහියෙන් ඇන තිබූ බව සඳහන් වේ.
ආසියානුවන්ගෙන් ඇමරිකාවට තර්ජනයක් ඇති බවට මෙම කාන්තාව තුළ තිබූ විශ්වාසය ඇය මේ ආකාරයෙන් හැසිරීමට හේතු වී ඇති බව පෙනේ. පිහි ඇනුමට පෙර ඔවුන් දෙදෙනා අතර කිසිදු කතාබහක් හෝ ගැටුමක් හෝ ඇතිව නොතිබිණි.
181 Views
Comments