ලෝක ආර්ථිකයේ පසුබෑම ගැන ලෝක බැංකුවත් දුකෙන්

ලෝක ආර්ථිකය තවදුරටත් අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවට ලෝක බැංකුව අනතුරු අගවනවා. ලොව ප්‍රබල රටවල ආර්ථික පවා දුර්වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
ඊට උදාහරණ ලෙස දක්වා ඇත්තේ අමෙරිකාව, චීනය හා යුරෝපානු රටවල්. මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය සියයට 1 යි දශම 7 ක් පමන වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා.
එම අගය මීට පෙර තිබුණේ සියයට 3 ක අගයකයි. යුක්රේන යුද්ධය ලෝකයේ රටවල් රැසක ආර්ථිකයට ඍජු හා වක්‍ර බලපෑම් එල්ල කර ඇති බව ද ලෝක බැංකුව සඳහන් කළා. එමෙන්ම කොරෝනා වසංගතය ද ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ.
234 Views
Comments