20 හැවිරිදි තරුණියව මෝටර් රථයකින් කිලෝ මීටර් 10ක් දුර ඇදන් ගිහින් - බිහිසුණු කතාවක තතු එළියට

20 හැවිරිදි තරුණියක්ව මෝටර් රථයකින් කිලෝමීටර් 10 කට ආසන්න දුරක් මිනිසුන් පස් දෙනෙකු විසින් ඇදගෙන යාමේ බිහිසුණු සිද්ධියක් පිළිබඳව වාර්තා වෙනවා.
මෙම සිදුවීම නවදිල්ලි නුවර සිදුවී ඇති අතර එම අනතුරෙන් ඇය මියගිය බවයි වාර්තා වෙන්නේ.
අනතුරට මුහුණ දුන් 20 හැවිරිදි අංජලී සිං සහ ඇගේ මිතුරිය වන නිධි උත්සවයකට සහභාගිවී ස්කුටරයෙන් නිවාස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අංජලී සහ නිධි අතර පාරේදී බහින් බස් වීමක් සිදුවීමෙන් පවතින අතරතුර කාරය ස්කුටරයේ ගැටීමෙන් පසු ඇය කාරයට යටවූ බවත් මෙම ස්කුටරයේ ගැටී ඇත්තේ උත්සවයකට සහභාගී වී එමින් සිටි පුද්ගලයන් 5දෙනෙකු රැගත් මරුටි සුසුකි වර්ගයේ කාරයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ පිළිබඳව ඇයගේ මිතුරිය ගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ කාරය ස්කුටරයේ වැදුණු පසු ඇයව එක පැත්තකට විසිවී යහළුවා කරය යටට වැටුන බවත් ගැහැණු ළමයෙකු ඔවුන්ගේ කාරයේ යට බව එම පුද්ගලයන් දන සිටිය බවත්ය.
නමුත් ඔවුන් හිතා මතාම ඇයව ඇදගෙන ගිය බවත් එම අවස්ථාවේදී ඇය බීමතින් සිටිය බවද ඇය පවසා තිබෙනවා.
සිදු කල පශ්චාත් මරණ පරික්ෂනයෙදේ හෙළිවී ඇත්තේ ඇයගේ හිස්කබල විවරව පැවති බවත් ඇගේ මොලයේ කොටස් නොතිබුණු බවයි.
තවද කොදු ඇටපෙළ බිදී ගොස් තිබු බවත් ශරීරයේ තුවාල 40ක් තිබුණු බවයි මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබෙන්නේ.
මෙම අනතුරේදී ඇගේ ඇඳුම් ඉවත්වී තිබීම හේතුවෙන් ඇයව අතවරයකට ලක්වූ බවට ඇතිවූ සැකයක් හේතුවෙන් නව දිල්ලි නගරයේ ජන විරෝධතාවයක් ඇතිව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහෙත් වෛද්‍ය පර්යේෂණයෙන් හෙළිවී තිබුනේ එවැනි කිසිඳු දෙයක් සිදුවී නොමැති බවයි.
මෙම අනතුර සිදුකල පුද්ගලයන් 5දෙනාව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
403 Views
Comments