රිය අනතුරෙන් මියගිය දෙමව්පියන්ගේ නිසල සිරුරු අසළ කුඩා දරුවෝ තිදෙනා දින දෙකක් තනි රැකලා - හද සසල කල සංවේදී පුවත
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

රිය අනතුරෙන් මියගිය දෙමව්පියන්ගේ නිසල සිරුරු අසළ කුඩා දරුවෝ තිදෙනා දින දෙකක් තනි රැකලා - හද සසල කල සංවේදී පුවත

රිය අනතුරෙන් මියගිය දෙමව්පියන්ගේ නිසල සිරුරු අසළ කුඩා දරුවෝ තිදෙනා දින දෙකක් තනි රැකලා - හද සසල කල සංවේදී පුවත

දරුණු රිය අනතුරකින් දෙමව්පියන් මිය යාමෙන් පසුව පස් හැවිරිදි දැරියක් සිය බාල සොයුරන් දෙදෙනා සමඟ දින දෙකක් සුන්බුන් අතර සිටි පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

 

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවර සිට කිලෝ මීටර් 280ක් පමණ ඈතින් පිහිටි කොන්ඩිනින් නම් නගරයේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී 25 හැවිරිදි සින්ඩි බ්‍රෑඩොක් සහ 28 හැවිරිදි ජේක් ඩේ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූවා.

 

පසුව දරුවන් පිළිබඳව ඥාතියෙක් කළ සොයා බැලීමකින් අනතුරුව අනතුර සිදුවී දින දෙකකට පමණ පසුව ඔවුන්ව සොයාගෙන තිබෙනවා.

 

ඔවුන්ගේ වයස් වන්නේ  දියණිය වසර පහක් සහ වැඩිමල් පුතා වසර 2ක් සහ බාල පුතා වසරක්  වශයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

views

1250 Views

Comments

arrow-up