චාල්ස් රජුගේ ආරක්ෂාවට තර්ජනයක්

නත්තල් සමයේ බ්‍රිතාන්‍ය රජ පවුල සහභාගි වන ජනහමුවලදී චාල්ස් රජුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇතැයි මිරර් පුවත්පත වාර්තා කරයි.
චාල්ස් රජුගේ ආරක්ෂකයන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය මාස 2ක කාලය තුළ අවස්ථා 2ක දී චාල්ස් රජුට බිත්තර ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.
සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රජු පවුල නත්තල් සමයේ දී මහජනතාව මුණගැසීම සම්ප්‍රදායක් වන අතර එවැනි හමුවක දී නැවතත් රජුට එවැනි ප්‍රහාරයක් එල්ල වේ යැයි ඔහුගේ ආරක්ෂකයන් සැක කරයි.
232 Views
Comments