ලොවක් හඬවමින් ගැඹුරු කුහරය ඇතුලේ අවසන් හුස්මපොද හෙලූ පුංචි “ලී”
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

ලොවක් හඬවමින් ගැඹුරු කුහරය ඇතුලේ අවසන් හුස්මපොද හෙලූ පුංචි “ලී”

ලොවක් හඬවමින් ගැඹුරු කුහරය ඇතුලේ අවසන් හුස්මපොද හෙලූ පුංචි “ලී”

ලෝකයේම හදවත් කම්පා කරවමින් ගැඹුරු කුහරයකට ඇදවැටුණු තවත් දරුවෙකු ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇදවැටුණු පුවත පසුගිය දෙසැම්බර් 31 වනදා විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

කෙසේ වෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එරට බලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම දරුවා මියගොස් ඇති බවය. 

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක කුඩා දරුවෙකි.

 

තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර් මස 31වැනිදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ඉවතලන ලෝහ කැබලි එක් රැස් කිරීම සඳහාය.

 

එහිදී දරුවා එහි තිබූ අඩි 35ක් ගැඹුරැති,සෙන්ටිමීටර් 25ක් පමණක් පළලකින් යුක්ත වූ කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇද වැටී තිබේ

 

අනතුරින් පැය භාගයක් තුළ මුදගැනීමේ කණ්ඩායම් එහි පැමිණ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

කුහරය වඩාත් පටුවීම හේතුවෙන්, දරුවා මුදාගැනීම අපහසු වුවද මුදා ගැනීමේ කණ්ඩායම් දරුවාගේ දිවි බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

දරුවා අනතුරට ලක්වන අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

views

259 Views

Comments

arrow-up