රුසියාව රටවල් රැසකට තෙල් දීම තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

රුසියාව රටවල් රැසකට තෙල් දීම තහනම් කරයි

රුසියාව රටවල් රැසකට තෙල් දීම තහනම් කරයි

බටහිර රටවල් විසින් මේ මාසයේ පනවා ඇති මිල සීමාවට යටත් වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය.

 

සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරු රුසියාව වන අතර, මෙම තීරණය ගෝලීය බලශක්ති සැපයුම් සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


යුක්රේනයේ යුද්ධය සඳහා අරමුදල් රැස් කිරීමට රුසියාවේ හැකියාව සීමා කිරීමට ජී 7 රටවල් එක්ව දෙසැම්බර් 5 දින සිට බලාත්මක වූ මිල සීමාව යටතේ,  රුසියානු මුහුදු තෙල් සඳහා බැරලයකට ඩොලර් 60 කට වඩා නොගෙවීමට තෙල් වෙළඳුන් තීරණය කර තිබුණි.

 

සමහර විශ්ලේෂකයින් පවසා ඇත්තේ රුසියානු තෙල් සඳහා වන මිල දැනටමත් ඊට ආසන්නව පහත වැටී ඇති බැවින් මෙම තීරණය රුසියාවේ ආදායමට ක්ෂණික බලපෑමක් ඇති නොකරන බවයි.

 


බටහිර ජාතීන් එක්ව මේ මාසයේ පනවන ලද මිල සීමාවට අවනත වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය.
රුසියාව පනවන තහනම 2023 පෙබරවාරි 1 සිට ජූලි 1 දක්වා පවතින අතර මිල සීමාවට සහභාගී වන රටවලට බොරතෙල් අලෙවිය නවත්වනු ඇත.

 

පෙට්‍රල් සහ ඩීසල් වැනි පිරිපහදු කළ තෙල් නිෂ්පාදන සඳහා වෙනම තහනමක් රජය විසින් නියම කරන දිනයක ක්‍රියාත්මක වේ. විශේෂ අවස්ථාවකදී හැර පියවර අවලංගු කිරීමට පුටින්ට බලය ඇත.

 

බටහිර හා සෝවියට් සමූහාණ්ඩුව අතර සීතල යුද්ධය පැවති කාලවලදී පවා නොදුටු බටහිර මිල සීමාව, රුසියානු රාජ්‍ය භාණ්ඩාගාරය අඩපණ කිරීම සහ යුක්රේනයේ මොස්කව්හි මිලිටරි ප්‍රයත්නයන් අඩාල කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් බැවින් ඊට එකඟ නොවන බව පුටින් පවසා ඇත.

views

221 Views

Comments

arrow-up