ඉන්දියාවෙනුත් ඔමික්‍රෝන් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ඉන්දියාවෙනුත් ඔමික්‍රෝන් හමු වෙයි

ඉන්දියාවෙනුත් ඔමික්‍රෝන් හමු වෙයි

 

චීනයේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙක් ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් හමුව තිබෙනවා.

 

ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවයි වාර්තා වන්නේ.

 

මේ අතර වැඩි ලෙස ආසාධිතයන් හමුවීම සමඟ චීනයේ රෝහල්වල ධාරිතාවය වැඩි වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය කණගාටුව පළ කරනවා.

 

කෙසේ වෙතත් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බිජිං ඇතුළු නගර කිහිපයක රෝහල් මෙලෙස රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

views

205 Views

Comments

arrow-up