DEC
16
හෘදයාබාධයක් නිසා බිම ඇද වැටුණු තායි කුමරිය

තායි රජුගේ වැඩිමහල් දියණිය හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම හේතුවෙන් රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කළේය.
Bajrakitiyabha කුමරිය එරට රජු වන Vajiralongkorn ගේ වැඩිමහල් දියණිය වෙයි.
44 හැවිරිදි ඇය ව හෙලිකොප්ටරයකින් ප්‍රතිකාර සඳහා බැංකොක් හි රෝහලකට රැගෙනගොස් ඇති බව වාර්තා විය.
ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රාජකීය මාළිගාව නිවේදනය කළ ද සමහර මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඇයට අසාධ්‍ය බවය.
238 Views
Comments