මුම්බායි නුවර වායු දූෂණය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

මුම්බායි නුවර වායු දූෂණය ඉහළට

මුම්බායි නුවර වායු දූෂණය ඉහළට

 

ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන මුම්බායි නුවර වායු දූෂණය පසුගිය දින කිහිපය තුළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය සදහන් කළේය. දෙසැම්බර් සීත ඍතුවේ සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයේ වායු දූෂණයක් වාර්ෂිකව සිදු වන්නේ නවදිල්ලි අගනුවර බවත්, මෙවර මුම්බායි නුවරින් එවැනි තත්ත්වයක් වාර්තා වීම පිළිබඳ එරට වැඩි අවධානයක් යොමුවී තිබේ.

 

 

සාමාන්‍යයෙන් වාතය තුළ පැවැතිය යුතු උපරිම අහිතකර අංශු ප්‍රමාණය 50ක් මේ වනවිට මුම්බායි නුවර වර්ධනය වී ඇති අංශු ප්‍රමාණය 300 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. නවදිල්ලි නුවර වාතයේ ඇති අංශු ප්‍රමාණය 400ට වැඩි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

 

අක්‍රමවත් ගොඩනැඟිලි ඉදිකිරීම් වැඩි වීම, පරිසරයට හානි කරන කාලගුණ විපර්යාස සහ අධික ලෙස සිදුවන වාහනවල කාබන් විමෝචනය ඊට හේතුව බව එරට වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. මේ වනවිට මුම්බායි නුවර රෝහල් කරා පැමිණෙන හුස්ම ගැනීමේ අපහසු ඇති රෝගීන් ප්‍රමාණය ද වැඩි වී ඇතැයි වාර්තා වේ. 

views

217 Views

Comments

arrow-up