පාප් වහන්සේ කඳුළු සලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

පාප් වහන්සේ කඳුළු සලයි

පාප් වහන්සේ කඳුළු සලයි

 

සාම්ප්‍රදායික යාඥාවකින් අනතුරුව ශුද්ධෝත්තම පාප් වහන්සේ කඳුළු සැලූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

යුක්‍රේනය තුළ පවතින යුද්ධය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව පාප් වහන්සේ මෙලෙස කඳුළු සලමින් සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ යුක්‍රේන ජනතාව ගැන සිහිකරමින් උන්වහන්සේ මෙලෙස සිය කණගාටුව පළකර ඇති බවය.

 

රෝමයේ පැවැති සාම්ප්‍රදායික යාඥාවකින් අනතුරුව උන්වහන්සේ මෙලෙස කණගාටුවට පත්ව ඇත.

 

ඉතාලියේ ජාතික නිවාඩු දිනයක් වන නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල්‍ය සනිටුහන් කිරිම සඳහා යාඥාව පැවැත්වුණි.

views

388 Views

Comments

arrow-up