චීනයෙන් හමු වූ නව වෛරස් ප්‍රභේදය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

චීනයෙන් හමු වූ නව වෛරස් ප්‍රභේදය

චීනයෙන් හමු වූ නව වෛරස් ප්‍රභේදය

 

චීනයේ ව්‍යාප්ත වන ‘Omicron BF.7’ නමැති කොවිඩ් – 19 නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බිය පළ කරනවා.

 

මේ වනවිට චීනයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව කොවිඩ් 19 ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් වාර්තා වනවා.

 

චීනයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟ බවයි පැවසෙන්නේ. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වූ නිසාවෙන්. චීනයේ ව්‍යාප්ත වන ‘Omicron BF.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වෙනවා. ඒ පසුගිය අගෝස්තු මාසයේ යි. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘Omicron BF.7’ අඩපණ වී තිබුණා.

views

181 Views

Comments

arrow-up