හැරී කුමරු හමුදා සේවයේ සිටියදී පෑ දස්කම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

හැරී කුමරු හමුදා සේවයේ සිටියදී පෑ දස්කම්

හැරී කුමරු හමුදා සේවයේ සිටියදී පෑ දස්කම්

බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා  මේ බව වාර්තා කර ඇත්තේ, හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ ස්වයං චරිතාපදානය හරහාය. ‘ස්පෙයාර්’ චරිතාපදානය ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත නමුත්, මාධ්‍ය එහි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

 

තම වැඩිමල් සොහොයුරු විලියම් කුමරු, බහින්බස්වීමක් අතරතුරේ තමන්ට බිම වැටෙන්න පහර දුන් බවත්, බහින්බස්වීම සිදුවූයේ තම බිරිඳ මෙගාන් මාකෙල් නිසා බවත් හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.

 

38 හැවිරිදි සකෙස්ක් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන හැරී කුමරු බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවකු ලෙස ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණේ 2007-2008 කාලයේත් පසුව 2012 සහ 2013 කාලයේත්ය.

 

ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස හැරී කුමරු මෙහෙයුම් 6 කට සම්බන්ධ වී ඇත.

 

හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද හැරී කුමරු ‘ස්පෙයාර්’ චරිතාපදානය හරහා පවසා තිබේ. හැරි කුමරු වසර 10 ක් බ්‍රිතාන්‍ය හමුදා සේවයේ සිටියේය.

 

මේ අතර තමන් තරුණ කාලයේ කොකේන්වලට යොමු වී සිටි බවත්, ඒ ගැන තමන් පසුතැවෙන බවත් හැරී කුමරු පවසා තිබේ.

views

212 Views

Comments

arrow-up