පාකිස්තානයේ උද්ධමනය සියයට 45 කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

පාකිස්තානයේ උද්ධමනය සියයට 45 කින් ඉහළට

පාකිස්තානයේ උද්ධමනය සියයට 45 කින් ඉහළට

 

පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස්’ (PML-N) විසින් නායකත්වය දෙන වත්මන් සභාග ආන්ඩුවේ ඍණාත්මක ආර්ථික බලපෑම විස්තර කරන ධවල පත්‍රිකාවක් ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් නිකුත් කර තිබේ.

 

එම ලේඛනයට අනුව පසුගිය මාස අට තුළ රටේ උද්ධමනය 45% කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අපනයන, සෘජු විදේශ ආයෝජන සහ ප්‍රේෂණ ඇතුළු සියලු ආර්ථික දර්ශක පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

 

අන්තර්ජාතික නියෝජිතායතනවල ණය ශ්‍රේණිගත කිරීම් පසුගිය මාස අට පුරාවටම සෘණාත්මකව පැවති අතර ණය ගෙවීම පැහැර හැරීමේ තර්ජනය ද වැඩි වී ඇති බව එහි සඳහන් වේ. PTI සිය ධවල ​​පත්‍රිකාවේ සඳහන් වන්නේ 2018 බලයට පත්වන විට ආර්ථිකය කඩාවැටී තිබූ බවයි.

views

215 Views

Comments

arrow-up