ජැක් මා ඈන්ට්හි පාලනය අතහැරීමට සූදානම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ජැක් මා ඈන්ට්හි පාලනය අතහැරීමට සූදානම් වෙයි

ජැක් මා ඈන්ට්හි පාලනය අතහැරීමට සූදානම් වෙයි

චීන බිලියනපති ජැක් මා දැවැන්ත පරිගණක තාක්ෂණ සමාගම් සමූහයක් වන ඈන්ට්හි පාලනය අත හැරීමට සූදානම් බව වාර්තා වේ.

 

ඒ අනුව ව්‍යාපාරයේ පාලනය තනි හෝ හවුල් කොටස්කරුවන් සතුව නොපවතින ආකාරයට සමාගමේ පාලන සැකැස්ම සකස් කරනු ඇති බව ඈන්ට් ව්‍යාපාර සමූහය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

මේ වන විට ඈන්ට් සමාගමේ පවතින පාලන ව්‍යුහයට අනුව ජැක් මා හට සමාගමේ කොටස් වලින් 53.46% වක්‍රව පාලනය කිරීමේ හැකියාව පවතී.

 

නමුත් ප්‍රකාශයට පත්කර ඇති සංශෝධනයෙන් අනතුරුව ජැක් මා හට හිමි වන්නේ 6.2% කොටස් සංඛ්‍යාවක් පමණක් බව වාර්තා වේ.

views

225 Views

Comments

arrow-up