JAN
01
බටහිර රටවල් රුසියාව විනාශ කිරීමේ මෙවලමක් ලෙස යුක්රේනය යොදා ගන්නවා. පුටින්ගෙන් චෝදනා

බටහිර රටවල් යුක්රේනය මෙවලමක් ලෙස යොදා ගනිමින් රුසියාව විනාශ කිරීමට උත්සහ දරණ බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියානු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නව වසර වෙනුවෙන් ජනතාව අමතමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම උත්සාහය හෙළා දකින බවයි.
එහි දී රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රුසියාව යුක්රේනය සමඟ සටනට එළඹ ඇත්තේ තම මව්බිම ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවට සැබෑ නිදහස ලබා ගැනීම සඳහා බවයි.
202 Views
Comments