තුර්කියේ මරණ ගණන තවත් ඉහළට

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300 ක් සහ සිරියාවේ 1,444 ක් පමණ මරණ වාර්තා වන බවය. දෙරටේම 15,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ. ඊයේ (06) අලුයම සිදුවූ රිච්ටර් පරිමාණයේ ඒකක 7.8 ක භූ කම්පනය සහ ඒකක 7.5 ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග, ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ.
ඇමරිකාව ඇතුළු රටවල් රැසක සහාය ඇතිව තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මේ අතර භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
232 Views
Comments