සුන්බුන් මැද සිර වූ පාපන්දු ක්‍රීඩකයා

හිටපු චෙල්සි සහ නිව්කාසල් පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියන් අට්සු තුර්කියේ භූමිකම්පාවෙන් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් යට සිරවී සිටින බවට වාර්තා වනවා.
ඝානා ජාතික මේ මැදපෙල ක්‍රීඩකයා එංගලන්තයේ චෙල්සි, එවර්ටන් සහ නිව්කාසල් පාපන්දු කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.
එංගලන්තයේ සන් පුවත් පත විසින් වාර්තා කරන පරිදි, පසුගිය ගිම්හානයේදී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සම්බන්ධ වූ මෙම ඝානා ක්‍රීඩකයා සොයා ගැනීම සඳහා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් ඔහුගේ කණ්ඩායමේ සගයන් දෙදෙනෙකු මෙන්ම තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත් වී ඇති නමුත් තවමත් ක්‍රිස්ටියන් අට්සු සිටින්නේ අතුරුදන් ලැයිස්තුවේයි.
ඊයේ පැවති තරගයක දී ඔහුගේ හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය ට අවසන් මොහොතේ පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට ක්‍රිස්ටියන් අට්සු ගේ දක්ෂතා ඉවහල් වුනා.
211 Views
Comments