ග්‍රේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්වයක්

ගේබ්රියෙල් සුළි කුණාටුවේ බලපෑම මේ වන විට නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට ඇතුල් වී තිබේ. විසිදෙදහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
විදුලි විසන්ධිවීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තව දින කිහිපයක් ගත වනු ඇති බවට නගර බලධාරීන් දැනුම් දී ඇත.
මේ හේතුවෙන් නෝර්ත්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් නගරවල හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබේ. එරට කාලගුණ විද්‍යා අංශය රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සුළි කුණාටුව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑම් අවදානමක් ද පවතින බවයි.
එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබාදී තිබේ. තවද ගමනාගමනය සීමා කර ඇති අතර දුම්රිය ගමන් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
206 Views
Comments