සමලිංගික පෙළපාලියකට එක් වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

සමලිංගික පෙළපාලියකට එක් වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා

 සමලිංගික පෙළපාලියකට එක් වූ  ඕස්ට්‍රේලියානු අගමැතිවරයා

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් සිඩ්නි සමලිංගික පෙළපාලියකට සහභාගි වී තිබෙන අතර සමලිංගික පෙළපාලියකට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සහභාගී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

 

ඕස්ට්‍රේලියාවේ ඔක්ස්වර්ඩ් වීදියේ 12,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් එම පෙළපාලිය පවත්වා තිබූණි. කොවිඩ් සීමා කිරීම් නිසා 2019 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ මෙවැනි පෙළපාලියක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.

 

මෙය නූතන ඕස්ට්‍රේලියාවේ සැමරුමක් ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් ප්‍රකාශ කර ඇත.

views

200 Views

Comments

arrow-up