දරුවන් 60 කට පියෙක් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

දරුවන් 60 කට පියෙක් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයා

දරුවන් 60 කට පියෙක් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයා

ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙකු බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.



ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව තමන් දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන්ගේ දරුවන්ගෙන් බොහොමයකගේ දේහ ලක්ෂණ එක හා සමාන බව සමරිසි දෙමාපියන්ට දක්නට ලැබී ඇත. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වලින් දෙමාපියන් විමසීමක් කර තිබේ.



ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකුව වෙත ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් මෙම පුද්ගලයා ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු තෑගි බෝග ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
 


ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් තෑගි බෝග ලබා ගැනීම අපරාධමය වරදක් වන අතර ඒ සඳහා වසර 15 කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැක. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් හෙළි කර නොමැත.

views

222 Views

Comments

arrow-up