ගුවන් බැලුන් ගැන චීනය සහ ඇමරිකාව චෝදනා කර ගනී

චීනය චෝදනා කරන්නේ, 2022 ජනවාරි මාසයෙන් පසුව කිසිදු අනුමැතියකින් තොරව සිය ගුවන් සීමාවට ඉතා ඉහළින් අවස්ථා 10 කදී පමණ බැලුන් යැවීමට ඇමරිකානු බලධාරීන් ක්‍රියාකළ බවයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසීය. නමුත්, ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළි නොකළේය.
ඇමරිකානු හමුදාව මීට සති කිහිපයකට ඉහතදී ඇමරිකාවට ඉහළින් පාවෙමින් තිබූ විශාල ප්‍රමාණයේ බැලුනයක් විනාශ කිරීමට කටයුතු කළේය. චීනය ඔත්තු සෙවීමේ අරමුණින් ඒවා එවා තිබූ බවට ඇමරිකාව චෝදනා කරන ලදී.
208 Views
Comments