චීනයට නව අග්‍රමාත්‍යවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

චීනයට නව අග්‍රමාත්‍යවරයෙක්

චීනයට නව අග්‍රමාත්‍යවරයෙක්

චීනයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස ලි කියැන් පත්වී තිබේ. තුන්වන වරටත් ජනපති ධුරයට පත්වූ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඔහු අග්‍රමාත්‍යවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ද ඔහුට හිමිවිය.

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මහජන කොංග්‍රසයේ නියෝජිතයින් 2,936 ක් ඔහුට මනාපය ලබා දී ඇති අතර විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ තුන් දෙනෙකු පමණක් බවයි.

 

අට දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 63 හැවිරිදි වියේ පසුවන ලි කියැන් චීනයේ විශාලතම නගරය වන ෂැංහයි හි හිටපු කොමියුනිස්ට් පක්ෂ නායකයා වේ.

views

225 Views

Comments

arrow-up