ඇමරිකානු නීතිපතිවරයා යුක්‍රේනයේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

ඇමරිකානු නීතිපතිවරයා යුක්‍රේනයේ සංචාරයක

ඇමරිකානු නීතිපතිවරයා යුක්‍රේනයේ සංචාරයක

ඇමරිකානු නීතිපති, ජෙනරාල් මෙරික් ගාලන්ඩ් යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරතව ඇති අතර ඊයේ ඔහු මෙලෙස යුක්‍රේනයට ගොස් ඇත්තේ, යුක්‍රේන නීතිපතිවරයාගේ ආරාධනයක් මත යුක්තිය සඳහා එක්වෙමු යන මැයෙන් පැවැති සමුළුවට සහභාගී වීමට බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

රුසියානු යුධ අපරාධ වෙනුවෙන් පෙනී සිටින බව ඇමරිකානු නීතිපතිවරයා එහිදී සඳහන් කර ඇති අතර ඇමරිකාව විසින් යුක්‍රේනයේ රෝහල්, පාසල් ඇතුළු ස්ථානවලින් එක්රැස් කරගත් සාක්ෂි ලැයිස්තුගත කිරීම මෙන්ම සමූහ මිනීවලවල් ආශ්‍රිත කැණීම් හා මිනිස් සිරුරු කොටස් අධ්‍යයනය කිරීම සිදු කරන බව ඇමරිකානු නීතිපති මෙරික් ගාලන්ඩ් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

views

163 Views

Comments

arrow-up