එංගලන්තයේ දහස් ගණනක් වැඩිහිටියන් රැකවරණයක් නොමැතිව මිය යන බව හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

එංගලන්තයේ දහස් ගණනක් වැඩිහිටියන් රැකවරණයක් නොමැතිව මිය යන බව හෙළි වේ

එංගලන්තයේ දහස් ගණනක් වැඩිහිටියන් රැකවරණයක් නොමැතිව මිය යන බව හෙළි වේ

අවශ්‍ය රැකවරණය නොමැති වීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඒජ් යූකේ නම් පුණ්‍ය සංවිධානයක් මේ බව හෙළි කර ඇති බවයි.

 

2021 - 2022 වසර වල එම සංවිධානයෙන් සහාය ඉල්ලූ වයස අවුරුදු 65 සහ ඊට ඉහළ පුද්ගලයන් 28,890 දෙනෙකු කිසිදු රැකවරණයක් නොලබා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, සතියකට එලෙස වයස්ගත වැඩිහිටියන් 500 කට අධික පිරිසක් රැකවරණයක් නොමැතිව මරණයට පත් වන බවයි.

views

202 Views

Comments

arrow-up