චීනයේ කුඩා ගැහැණු දරුවෙකුගේ මොළයේ නිවුන් කලලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

චීනයේ කුඩා ගැහැණු දරුවෙකුගේ මොළයේ නිවුන් කලලයක්

චීනයේ කුඩා ගැහැණු දරුවෙකුගේ මොළයේ නිවුන් කලලයක්

චීනයේ වයස අවුරුද්දක් වන ගැහැණු දරුවකුගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම සහ හිස විශාල වීම හේතුවෙන් සිදු කළ පර්යේෂණයකින් ඇයගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත් වී ඇති බව දැනගන්නට ලැබුණු බව වාර්තා වේ.

 

මොළය තුළ කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙස වෛද්‍යවරුන් මෙය අර්ථ දක්වන අතර, මෙය පරපෝෂිත නිවුන් තත්ත්වයක් ලෙසද හැඳින්විය හැකිය.

 

ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බව වාර්තාවල සඳහන් වන අතර මෙම තත්වය හටගැනීමට හේතු වන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනය වීමෙන් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන් වීමට අපොහොසත් වීමත් සමග අනෙකුත් කලල මුල් කලලය තුල තැන්පත් වීමෙනි.

views

190 Views

Comments

arrow-up