අනවසර සංක්‍රමණිකයන් අල්ලන්න ඉතාලියෙන් විශේෂ මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

අනවසර සංක්‍රමණිකයන් අල්ලන්න ඉතාලියෙන් විශේෂ මෙහෙයුම්

අනවසර සංක්‍රමණිකයන් අල්ලන්න ඉතාලියෙන් විශේෂ මෙහෙයුම්

මේ දිනවල අනවසර සංක්‍රමණිකයන් රැසක් මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කරමින් සිටින බව ඉතාලි වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.

 

ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව තිබූ යාත්‍රා කිහිපයක සිටි සංක්‍රමණිකයන් 1300 ක් පමණ පිරිසක් එරට වෙරළ ආරක්ෂක බළකා සාමාජිකයන් විසින් මුදාගෙන ඇත.

 

මුදාගත් පිරිසෙන් 584 දෙනෙක් කැලිබ්‍රියා නගරයට ගෙනැවිත් ඇති අතර තවත් සංක්‍රමණිකයන් 487 දෙනකු ක්‍රෝටන් වරාය වෙත රැගෙන විත් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසා සිටී.

 

වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට රැගෙන විත් ඇති සංක්‍රමණිකයන් දෙසිය දෙනකු කටානියා වෙත රැගෙන යන බව ඉතාලි බලධාරීන් පවසා සිටී.

 

අයහපත් කාලගුණය හමුවේ මුහුදු සීමා රළු වී ඇති බැවින් අනවසර සංක්‍රමණිකයන් අනතුරට පත්වීමේ සම්භාවිතාව ඉහළ බව ප්‍රකාශ කරන ඉතාලි බලධාරීන්, ඊයේ දිනයේ පමණක් අනවසර සංක්‍රමණ යාත්‍රා විස්සක් පමණ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා මගින් හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය.

views

179 Views

Comments

arrow-up