MAR
17
ඇමතිවරුන්ගේ සැප වාහන ආපසු ඉල්ලයි

පකිස්ථානය මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ, වියදම් කපා හැරීම සඳහා පාකිස්තාන අගමැති ෂෙබාස් ශරීෆ් මහතා එරට අමාත්‍යවරුන් ගේ සුඛෝපභෝගී මෝටර් රථ යළි භාර දෙන ලෙස නියෝග කර ඇතත්, එරට අමාත්‍යවරුන් 16 දෙනෙකු එම නියෝගය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
පකිස්ථානයේ අමාත්‍ය මණ්ඩලයට සුඛෝපභෝගී මෝටර් රථ 30 ක් ලබාදී තිබූ අතර මේ දක්වා ඒවා භාර දී ඇත්තේ 14 දෙනකු පමණක් බව ද වාර්තා වෙයි.
257 Views
Comments