දඹදිව යන බැතිමතුන්ට විශේෂ බෞද්ධ චාරිකා දුම්රියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

දඹදිව යන බැතිමතුන්ට විශේෂ බෞද්ධ චාරිකා දුම්රියක්

දඹදිව යන බැතිමතුන්ට විශේෂ බෞද්ධ චාරිකා දුම්රියක්

ඉන්දියාවට පැමිණෙන සංචාරකයින්ට බුදුරජාණන් වහන්සේගේ ජීවන ගමන් මග සියැසින්ම අත්විඳීමට අවස්ථාව ලබා දීම අරමුණු කර ගනිමින් ඉන්දීය දුම්රිය සේවය නව බෞද්ධ චාරිකා දුම්රියක් ආරම්භ කරයි.

 

‘භාරත් ගෞරව් යාත්‍රා’ ලෙස නම් කොට ඇති මෙම දුම්රිය දින නවයක කාලයක් ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන නවයක් ආවරණය කරමින් ගමන් ගන්නා අතර මෙහි එක් වරකට බැතිමතුන් 156 දෙනෙකුට ගමන් කළ හැකිය. 

 

දෙවන දිනයේදී දිල්ලියෙන් ගමන් ආරම්භ වන මෙම දුම්රිය ඉන් අනතුරුව බරණැස, ලුම්බිණි, කුෂිනගර් සහ අග්‍රා ඇතුළු බෞද්ධ නගර හා සිද්ධස්ථාන නවයකට ළඟා වීමට නියමිතය.

views

282 Views

Comments

arrow-up