MAR
24
සරණාගතයින්ට එරෙහිව ඇමරිකාව හා කැනඩාව දැඩි ස්ථාවරයක

ඇමරිකාව සහ කැනඩාව දේශ සීමා හරහා නිල නොවන ලෙස පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යැවීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරත වන අතර එහිදී කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමග මෙම ගිවිසුමට එළඹ ඇති බව සඳහන් වන අතර, ඒ සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අද (24) ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ දිනවල කැනඩාව හරහා ඇමරිකාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
208 Views
Comments