G-20 සමුළුව ජම්මු කාශ්මීරයට යයි

G-20 සමුළුවේ එක් අදියරක් එළඹෙන මැයි මාසයේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රාන්තයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන්නේ වසර 70 ක ඉන්දීය ඉතිහාසයේ පළමු වතාවටයි.
මේ වසරේදී G-20 සමුළුවේ සභාපතිධුරය ඉන්දියාවට හිමිවීමත් සමග එම වාර්ෂික සමුළුවේ රැස්වීම් හා සම්මන්ත්‍රණ රට පුරා විවිධ පළාත්වල පැවැත්වීමට ගන්නා ලද තීරණයක් අනුව ජම්මු කාශ්මීරය මේ සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.
ගෝලීය ආර්ථික හා මූල්‍යමය ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් රටවල් 20 ක විදේශ ඇමැතිවරුන්ගේ සංසදයක් ලෙස 1999 වසරේදී බිහි වූ G-20 සමුළුව වර්තමානය වන විට රාජ්‍ය නායකයන්ගේ සහ සෙසු ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡාවට ගන්නා සමුළුවක් බවට පත් වී තිබේ.
246 Views
Comments