ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඉන්දියාව තුළ දඩයම අරඹයි

ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම මරණ හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලින් වාර්තා වී තිබේ.
හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් ත්‍රී එන් ටූ වෛරසය ආසාදිත 90 දෙනෙකු ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.
මෙම ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසය කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් දක්වන අතර ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද ඉන්ෆ්ලුවෙන්සා H3N2 වෛරසයෙන් පෙන්නුම් කර ඇත.
207 Views
Comments