ඉම්රාන් ඛාන් අබියස පාකිස්ථාන අධිකරණය දණ නමයි

ඉම්රාන් ඛාන් විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අධිකරණයේ පෙනී සිටින්නේ නම් ඔහුගේ අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉවත් කළ හැකි බවට ලාහෝර් නුවර මහාධිකරණය නියෝග කොට තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
ඉස්ලාමාබාද් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවෙස වැටලූ අවස්ථාවේ ඇති වූ ජනතා විරෝධතා සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත්කොට තිබෙන බව වාර්තා වේ.
පසුගියදා ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය තැත් කළ අවස්ථාවේ ඔහුගේ නිවස ඉදිරිපිට ඇති වූ සිද්ධි මාලාව ජාත්‍යන්තර වශයෙන් පවා විශාල අවධානයක් දිනා ගන්නට සමත්ව තිබෙන අතර, එහිදී විරෝධතාවයේ යෙදුණු ඉම්රාන් හිතවාදීන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස්, රසායනික ජලය සහ රබර් උණ්ඩ විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමට පොලිසියට සිදු විය.
කෙසේ වෙතත් අනිද්දා, එනම් 19 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති ඉම්රාන් ඛාන්ගේ "ටෙහ්රීකි ඉන්සාෆ්" පක්ෂයේ විරෝධතා පාගමන නොපවත්වන ලෙසටත් අධිකරණය දැනුම් දී තිබෙන අතර, අධිකරණ නියෝගයන්ට ඉම්රාන් දක්වා ඇති ප්‍රතිචාරය කෙබඳුදැයි මෙතෙක් වාර්තා වී නොමැත.
215 Views
Comments