ටික්ටොක් වලට නවසීලන්තයත් වැට බඳී

ලොව රටවල් 150 ක පමණ බිලියනයකට අධික ග්‍රාහකයින් සංඛ්‍යාවක් විසින් භාවිත කෙරෙන ටික්ටොක් ජංගම දුරකථන යෙදවුම දැන් දැන් ලෝකයේ බොහෝ රටවලින් ප්‍රතික්ෂේප කෙරෙමින් පවතින තත්වයක් වාර්තා වේ.
නවතම පුවත් වාර්තා මගින් හෙළි කොට තිබෙන්නේ නවසීලන්ත රජයේ බලධාරීන් ද ටික්ටොක් යෙදවුම සම්බන්ධයෙන් සීමා කිරීම් පැණවීමට සැලසුම් කරමින් සිටින බවයි.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට මේ අනුව නවසීලන්තයේ පාර්ලිමේන්තුවට සම්බන්ධිත කිසිදු උපාංගයක් හරහා ටික්ටොක් වෙත පිවිසීම තහනම් කිරීමට එරට බලධාරීන් විසින් නීති සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ.
232 Views
Comments