ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවට කෲස් මිසයිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවට කෲස් මිසයිල

ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවට කෲස් මිසයිල

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 895 ක ගණුදෙනුවකින් කෲස් මිසයිල විකිණීමට කටයුතු කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව කෲස් මිසයිල 220 ක් පමණ ඕස්ට්‍රේලියාව විසින් මිලට ගනු ලැබ ඇති බවයි. ඇමරිකානු කොංග්‍රසයේ අත්සන් කිරීම අවශ්‍ය වන විකිණීමට යෝජිත Tomahawk මිසයිල හා තාක්ෂණික සහාය ද මෙයට ඇතුළත් වේ.

 

Aukus ආරක්ෂක ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයෙන් ලබා ගන්නා වර්ජිනියා පන්තියේ සබ්මැරීන සඳහා මෙම මිසයිල භාවිත කිරීමට නියමිත බව වාර්තා වේ.

views

174 Views

Comments

arrow-up