තායිවාන ජනපතිනියගේ ඇමරිකානු සංචාරයට චීනයෙන් රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

තායිවාන ජනපතිනියගේ ඇමරිකානු සංචාරයට චීනයෙන් රතු එළියක්

තායිවාන ජනපතිනියගේ ඇමරිකානු සංචාරයට චීනයෙන් රතු එළියක්

චීනයේ දැඩි විරෝධය නොතකා තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන්, සිය ඇමරිකානු සංචාරය ආරම්භ කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඇමරිකාවේ හා තායිවානයේ මෙම ක්‍රියාකලාපය බරපතල ප්‍රතිවිපාක රැසකට තුඩු දෙනු ඇති බවට චීනය විසින් අනතුරු අඟවා තිබෙන අතර, තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන්, සිය ඇමරිකානු සංචාරයේදී එරට කථානායක කෙවින් මැකාති හමු නොවිය යුතු බවට චීන රජය දැඩිව අවධාරණය කොට තිබෙන බවත් වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් චීනයට පිළිතුරක් ලබා දෙමින් ඇමරිකාව පවසා සිටින්නේ තායිවාන ජනාධිපතිනියගේ සංචාරය සම්බන්ධයෙන් චීනය සීමාව ඉක්මවා ප්‍රතික්‍රියා නොදැක්විය යුතු බවයි.

 

එසේම, තායිවාන ජනාධිපතිනිය සිය සංචාරය අතරතුර එරට කථානායකවරයා ස්ථිරවම හමුවෙනු ඇති බවට ද ඔවුන් අවධාරණය කොට තිබේ.

views

196 Views

Comments

arrow-up