ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට පැනවූ අධ්‍යාපන තහනම දිගටම

ඇෆ්ගනිස්තානයේ උසස් පෙළ සඳහා වූ උසස් පාසල් සඳහා වූ නව අධ්‍යයන වර්ෂය, එරට තලේබාන් පාලකයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවට දමා ඇති තහනම් නියෝග හේතුවෙන් කිසිදු සිසුවියකගේ සහභාගිත්වයෙන් තොරව ආරම්භ වී ඇති බව වාර්තා වේ.
පළමු වසරේ සිට හය වසර දක්වා පමණක් සිසුවියන්ට පාසල් යාමට අවසර හිමිව ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.
ඉස්ලාමීය පාසල්වල පමණක් අධ්‍යාපනය හැදෑරීමට සියලු වයස් කාණ්ඩයන්හි සිසුවියන්ට අවසර හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
222 Views
Comments