පුටින්ට එරෙහි වරෙන්තුව ගැන රුසියාව කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

පුටින්ට එරෙහි වරෙන්තුව ගැන රුසියාව කියන කතාව

පුටින්ට එරෙහි වරෙන්තුව ගැන රුසියාව කියන කතාව

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සාවද්‍ය බව පවසමින් බැහැර කරන ක්‍රෙම්ලිනය, මෙම ජාත්‍යන්තර වරෙන්තුව බටහිර රටවල් විසින් ගනු ලැබූ සාහසික සහ අත්තනෝමතික ක්‍රියා මාර්ගයක් ලෙස අර්ථ දක්වා තිබේ.

 

යුක්‍රේනයෙන් නීති විරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද මෙම වරෙන්තුව රුසියානු - යුක්‍රේන සංග්‍රාමයේ අතිශයින් වැදගත් සංධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර විචාරකයෝ හුවා දක්වති.

 

ජනපති පුටින්ට ට මෙන්ම ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාට ද යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

views

197 Views

Comments

arrow-up