සුප්‍රකට හොලිවුඩ් නළු ලාන්ස් රෙඩ්ඩික් මිය යයි

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ලාන්ස් රෙඩ්ඩික් ස්වභාවික හේතුවක් මත ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
හැට හැවිරිදි වියේ පසුවූ ලාන්ස් රෙඩ්ඩික් කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ දී සිකුරාදා උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඔහු රංගනයෙන් දායක වූ ජෝන් වික් ක්‍රියාදාම චිත්‍රපටයේ සිවුවන දිගහැරුම එළඹෙන 24 වනදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර The Wire රූපවාහිනී නාට්‍ය සහ ජෝන් වික් ක්‍රියාදාම චිත්‍රපටයෙන් ඔහු බොහෝ සෙයින් ජනාදරයට පත් වූ බව විදෙස් සිනමා විචාරකයෝ කියා සිටිති.
192 Views
Comments