එලොන් මස්ක් ට්විටර් ගැන කියන කතාව

Elon Musk විසින් Twitter හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් පමණක් බව සඳහන් කර තිබේ.
එය ඔහු ඒ වෙනුවෙන් වැය කළ මුදලෙන් අඩකටත් වඩා අඩු මුදලක් වන අතර Twitter සමාගම බරපතල මූල්‍ය දුෂ්කරතා වලට මුහුණ දුන් බවත් එක් අවස්ථාවකදී එය බංකොලොත් වීමේ ආසන්නයේ තිබූ බවත් ඔහු සඳහන් කර ඇත.
ලොව ප්‍රකට ව්‍යාපාරික ප්‍රධානියෙකු වන Elon Musk 2022 අප්‍රේල් 14 වන දින ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගමක් වන Twitter අත්පත් කර ගැනීම ආරම්භ කළ අතර 2022 ඔක්තෝබර් 27 වන දින වනවිට එම සමාගමේ හිමිකරු බවට පත් විය. ඔහු ඒ වෙනුවෙන් ගෙවූ මුදල ඩොලර් බිලියන 44 කි.
281 Views
Comments