පකිස්ථාන රුපියල ඉතිහාසයේ දරුණුතම පසුබෑමක

පකිස්ථාන රුපියල ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයට වඩා රුපියල් 287.29 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. රජයන්, සභාග රජයන් සහ මහ බැංකු අධිපතිවරුන් පසුගිය දශක තුනක කාලය තුළ උද්ධමනය පාලනය කිරීමට අසමත්වීමෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි එරට ආර්ථික වාර්තාවකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අවිධිමත් මූල්‍ය ප්‍රතිපත්ති සහ උද්ධමනය ඉලක්කගත සීමාවක රඳවා තබා ගැනීමට පකිස්ථාන මහ බැංකුව අසමත්වීම නිසා රටේ ආර්ථික තත්ත්වය මේ ඉරණමට ලක්වී ඇති බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
පසුගිය මාර්තු මාසයේදී පකිස්ථානයේ උද්ධමනය 35% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම උද්ධමන අගය බව සඳහන් වේ. පසුගියදා නිකුත් කළ එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, වඩාත්ම අවදානමට ලක්විය හැකි ක්ෂේත්‍රවල උද්ධමනය 50% කින් ඉහළ යාම සහ ආහාර මිල පාලනයකින් තොරවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය.
මූල්‍ය වර්ෂය පියවා ගැනීමට විවිධ රටවලින් ණය අපේක්ෂා කිරීමත්, සැපයුම් දාම බිඳ වැටීම අවම කිරීමට නිසි පියවර නොගැනීමත් හේතුවෙන් පකිස්ථාන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අභියෝගයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
260 Views
Comments