දිල්ලි නුවර නිවසක මදුරු කොයිල් එකක් නිසා පවුලක්ම ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

දිල්ලි නුවර නිවසක මදුරු කොයිල් එකක් නිසා පවුලක්ම ජීවිතක්ෂයට

දිල්ලි නුවර නිවසක මදුරු කොයිල් එකක් නිසා පවුලක්ම ජීවිතක්ෂයට

දිල්ලි නුවර ශාස්ත්‍රී පාර්ක් හි පිහිටි නිවසක දල්වා තිබූ මදුරු දඟරයකින් ඇවිලුණු ගින්නකින් නිවසක් තුළ සිටි පුද්ගලයින් 6 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (31) වාර්තා කර තිබේ.

 

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රාත්‍රියේ දල්වා තිබූ මදුරු දඟරයක් මෙට්ටයක් මතට වැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

 

ගින්නෙන් එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පිළිස්සුම් තුවාල සහ හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ඔවුන් මෙලෙස මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

 

මිය ගිය පුද්ගලයින් අතරින් සිවුදෙනෙක් වැඩිහිටි පිරිමි පුද්ගලයින් වේ.

 

එක් කාන්තාවක් සහ දරුවෙක් ද මෙම ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

 

පිළිස්සුම් තුවාල ලබා තවත් දෙදෙනෙක් මේ වන විට රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

views

184 Views

Comments

arrow-up