තායිලන්තයේ වායු දූෂණය අධික ලෙස ඉහළට

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර, සෞඛ්‍ය දත්තවලට අනුව වසරේ ගතවූ පළමු සති 9 යේදී පමණක් එරට පුද්ගලයින් ලක්ෂ 13කට වැඩි පිරිසක් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධ වලින් පීඩා විද ඇති බව සඳහන් වේ. ඉන් ලක්ෂ 2 කට ආසන්න පිරිසක් මාර්තු මස මුල් සතියේදී වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇතැම් නගරවල කඳු පන්ති නොපෙනෙන මට්ටමකට හා ශාඛවල පත්‍ර අළු පැහැගැන්වෙන පරිදි වායුව දූෂණය වී ඇති බවත්, තායිලන්තයේ වායුවේ අන්තරායකර අංශු මට්ටම ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
එමඟින් පෙනහළු, ඇස්, සම සහ හෘද යන රෝග ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන අතර පවතින තත්ත්වය සලකා ගොවිතැන් කටයුතු සඳහා වගාබිම් ගිනි තැබීමද තහනම් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බව සඳහන් වේ.
218 Views
Comments