ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පකිස්ථානයේ නව ඉන්ධන මිල සූත්‍රය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පකිස්ථානයේ නව ඉන්ධන මිල සූත්‍රය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පකිස්ථානයේ නව ඉන්ධන මිල සූත්‍රය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, ණය ගිවිසුම් පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට පෙර නව ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස පකිස්ථානය වෙත දැනුම් දී තිබේ.

 

 

පකිස්ථානය විසින් පසුගිය පෙබරවාරි මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය වාරිකයක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන ලදී.

 

 

කෙසේ නමුත් ඉන්ධන මිල සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මුල් කරගෙන එම සාකච්ඡා අවසන් තීරණයක් නොමැතිව කල් යමින් පැවතුණි.

 

 

මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනට යෝජනා කර ඇති ඉන්ධන සහනාධාර සූත්‍රය පිළිබඳව පැහැදිලි කරන ලෙසට පකිස්ථාන නේවාසික නියෝජිත එස්තර් ෆෙරෝස් රුයිස් හරහා දැනුම් දී තිබෙන බව වාර්තා වේ. 

views

194 Views

Comments

arrow-up